Wednesday, June 5, 2019



මම මහ අමුතු එක්කෙනෙක්. ඔව්..ඔයාට එහෙම හිතිල නැත්නම් ඔයා ඇත්තටම එහෙම වෙන්නත් පුලුවන්.

අපි හැමෝම එකිනෙකාගෙන් වෙනස්.හැමදේකින්ම.
ඒත් ඒ වෙනස් දේවල් අතරේ පිටට පේන, අපිට දැනෙන , අපි විදින සමහර දේවල් වල සාපේක්ෂව  ඒ තරම් වෙනසක් නැති අය අපිට හම්බෙනව.

ඒ අපිට වටිනම අය.අපිට ගැලපෙනව කියල දැනෙන අය.අපේ කියල දැනෙන අය.
ඒ වගේ කෙනෙක්ගෙ වටිනාකම විස්තර කරන්න කිසිම මනුස්සයෙක්ට බෑ. ඒක ඒ තරම් දෙයක්.

ඒත් ඒක අම්මගෙ ආදරේ වෙන එක තවත් එක අහම්බයක් විතරයි මිත්‍රයා...
ඒක පොතක චරිතයක්, තමන්ගෙ යාලුවෙක්  වෙන එකටත් වඩා අහඹු ලෙස හම්බෙන ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් වෙන එක කොයිතරම් පුදුමයක්ද කියන්න වචන ඕනෙ වෙන්නෙ නෑ.
ඒක අපිට දැනෙනවා.

තමන් කියන්න කලින් ඒ දේ දැනෙන ආදරයක්.එකටම එකම දේ කියන යාලුවෙක්.ඇස් වලින් හිත තේරුම් ගන්න සහෝදරයෙක් වගේ කෙනෙක් ඔයාට කවදහරි හම්බවෙලා  තියෙනවා නම් ඔයා කියන්න බැරි තරම් වාසනාවන්තයි මිත්‍රයා.මොකද දෙනෝදාහක් මැරෙන්නෙ එහෙම අත්දැකීමක් නැතුව.එහෙම නැත්නම් හිතින් මවාගත්ත ඒ වගේ දේකට රැවටිලා.

ඉතින් ඔයා දුක් වෙන්නෙ ඒ දේ සදාකාලිකවම අයිති නොවුන එක ගැන නම් ඔබට කොහේහරි වැරදිලා මිත්‍රයා..
මොකද මේ ආපු පාර දිගේ හැරිලා  බැලුවොත් ඔයා නොවෙනස්ව තියපු අඩියක් හොයාගන්න ඔයාටවත් බැරි වේවි...ඉතින් වෙන අය??
ඉස්සරහට ඔයාට තවත් එහෙම අය හම්බෙන්න පුලුවන්.අත්හැරෙන්නත් පුලුවන්..

ඉතින් ඔයාගේ ජීවිතේ තවමත් ඉන්න එහෙම වටින (ඒ තරම් වටින) අය වෙනුවෙන් ඔයාගෙ හදවත කෙළවරේම තියෙන ආදරය දෙන්න එහෙම නැත්නම් උපරිමම දේ කරන්න ඔයා තාම හිතල නැත්නම් මේ ඒකට හොදම වෙලාව...

මොකද ඒ අයටත් ඔයාව ඒ තරම් ම වටිනවා...!!!